එල්ලුම් ගහට ගිය කෙනෙක්ගේ මිනිය ගොඩ අරගෙන, ඔහු මරණයට පත් වෙලා ඇති බවට
සැක හැරලා තහවුරු කිරීමක් කරපු සිදුවීමක් අපේ අධිකරණ වෛද්‍ය ඉතිහාසයෙන්
වාර්තා වෙන්නේ එක සැරයයි. ඒ 1975 අවුරුද්දේ අගෝස්තු 05 වැනිදා එල්ලුම් ගහට
ගිය මරුසිරා හෙවත් සිරිපාලයි. මුළු රටක් ම බයෙන් අවුලවපු මරුසිරා ගැන
මිනිස්සුන්ගේ හිතේ කම්පාවක් ඇති වුණේ මෙන්න මේ අවස්ථාවේදියි. මොකද නම්
දරාපු අපරාධකරුවෙක් වුණත්, ඔහු මරණයට අසීමිත විදියට බය වුණා. ඒ බය නිසා ම,
එල්ලුම් ගහට යන්න නියමිත දවසට කලින් දා රෑ නිදි පෙති තොගයක් බොන්නත් ඔහු
පෙළඹුණා. පහුවෙනිදා උදේ ආගමික වතාවත් කරන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්
බන්ධනාගාරයට වැඩම කරනකොටත් මරුසිරා මර නින්දේ. නින්දෙන් ඉඳිද්දී ම එල්ලුම්
ගහට යවපු මරුසිරාගේ මිනිය එයින් පිටතට අරගෙන නැවත පරීක්ෂාවක් කරන්න තීරණය
වුණේ ඒ නිසයි.
මරුසිරාගේ මේ කතාව 1977 අවුරුද්දේදී චිත්‍රපටයකට නැගුණා. ඒ ටයිටස් තොටවත්ත මහත්මයා අධ්‍යක්ෂණය කරපු “මරුවා සමඟ වාසේ” සිනමාපටයයි. විජය කුමාරතුංග, එඩී අමරසිංහ, විමල් කුමාර ද කොස්තා, සෝමසිරි දෙහිපිටිය වගේ රංගන ශිල්පීන් මේකේ චරිත නිරූපණය කළා.

No comments:
Post a Comment