Wednesday, June 17, 2020

මම හිතපු තැනට යමින් ඉන්නවා

- ‘සුනාමි’ චිත‍්‍රපටයේ රඟපෑමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්...

 
 - මුල් කාලයේදී වගේ නොවෙයි. දැන් මම ඉස්සරහට ඇවිත් නේද කියලා හිතනවා. මට ඒක දැනෙනවා. ‘මචං’ චිත‍්‍රපටයේ රඟපාලා හොඳ ගාණක් ලැබෙන කොට, ‘සුනාමි’ චිත‍්‍රපටය වෙනුවෙනුත් ඒ වගේම ලැබෙන කොට මට හිතෙනවා මම හිතපු තැනට යමින් ඉන්නවා කියලා. නමුත් මම හැම තැනකදීම සල්ලි ගැන හිතන්නේ නැහැ. දිගටම රඟපානවා. ඒ වගේම මම තවමත් රඟපෑම ඉගෙන ගන්නවා. ප‍්‍රගුණ නොකර කිසිවක් හරියටම කරන්න බැහැ. මගේ ඇෙඟ් රඟපෑමට අදාළ ගොඩක් දේ තිබෙනවා. ඒවා එකින් එක එළියට ගත යුතුයි.
 
 ජීවිතය කරා පැමිණි අනේකවිධ දුක් කම්කටොළු ඉදිරියට යෑමට ශක්තියක් කර ගනිමින්, ඒවාට අභියෝග කරමින් ජීවිතය ජයගත් තවත් එක් අපූරු සොඳුරු මිනසකු ලෙස ඔහු හඳුන්වා දිය හැක. සිය නිසග කලා හැකියාවන් එළිදක්වමින් කලා ලොව දිගු ගමනක නියැළීමටද වාසනාවන්ත වූ හෙතෙම, දශක දෙකකට ආසන්න සිය කලා දිවියේ තවත් සන්ධිස්ථනයක් සනිටුහන් කරමින් මේ දිනවල තිරගත වන ‘සුනාමි’ චිත‍්‍රපටයේ ප‍්‍රබල චරිතයකට ජීවය මුසු කරයි. නමින් දර්ශන් ධර්මරාජ් නම් වූ මේ සම්මානනීය ප‍්‍රවීණ රංගනවේදියා සිය කලා දිවිය පිළිබඳ ‘දිවයින සිනමා කලා’ වෙත පැවසූ තොරතුරු මතු ගෙනහැර දක්වමු.
 
 තිරගතවීම ඇරඹූ ‘සුනාමි’ චිත‍්‍රපටය ඔබට විශේෂිත බව පැවසුවා. අපි මේ කතා බහ එතනින් ආරම්භ කළොත්....
 
 ‘සුනාමි’ අධ්‍යක්‍ෂණය කළේ අපේ රටේ සිටින දක්‍ෂ ප‍්‍රවීණතම කලා ශිල්පියකු වන සෝමරත්න දිසානායක මහතායි. ඔහුගේ නිර්මාණයකට රංගනයෙන් දායකවීමට ලැබීම මා සලකන්නේ මගේ තවත් සිහිනයක් සැබෑවීමක් ලෙසයි. ඇත්තටම කීවොත් ඔහු සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක්. භාරත දේශයට මනිරත්නම් කියන සිනමාවේදියා වටිනවා වගේම අපේ ශ‍්‍රී ලංකා දේශයට සෝමරත්නයන් වටිනා බවයි මගේ අදහස. මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කළ රේණුකා නෝනාවත් මෙතනදී අමතක කරන්න බැහැ. මේ සුසංයෝගය සිංහල සිනමාවට පහලවූ වටිනාම චරිත දෙකක් කියලා කිව යුතුමයි. ‘සෙල්වම්’ කියන්නේ ‘සුනාමි’ චිත‍්‍රපටයේ මා නිරූපිත චරිතය. සෙල්වම් ජීවිකාව කරගෙන ඉන්නේ කරවල වෙළෙඳාම. ඔය අතරතුරදී තමයි සෙල්වම්ගේ දුව සුනාමියට අහුවෙන්නේ. ඒක හරිම අනුවේදනීය සිද්ධියක්. කොහොමත් සුනාමිය පිළිබඳව අපට තිබෙන සැබෑ අත්දැකීමත් මට මේ චරිතය නිරූපණයේදී මැවී පෙනුනා. ඉතිං..... සෙල්වම් තාම දුව හොයනවා. ‘සුනාමි’ නරඹා මගේ චරිතය පිළිබඳව වැඩි යමක් කතා කරයි කියා සිතනවා.
 
 පුංචි කාලේ ඉඳලම තිබුණු රඟපෑමේ ‘පිස්සුව’ කොළඹට ඇවිත් අනේකවිධ දුක් කම්කටොළු මැද ජය ගන්නට ඔබ වාසනාවන්ත වුණා. අද ඒ පිළිබඳව කියන්නට තිබෙන්නේ මොනවාද?
 
 මගේ ගම රත්නපුර ප‍්‍රදේශයේ රක්වාන. ඒක හරි ලස්සන පිටිසර ගමක්. මම තමයි පවුලේ වැඩිමලා. අම්මා, තාත්තා, මල්ලී, නංගී, අපි හැමෝම සතුටින් හිටියා. පුංචි කාලේ ඉඳලම මට රඟපෑමේ ලොකු ආසාවක් තිබුණා. ඒක හරියට ‘පිස්සුවක්’ වගේ. ඊට පස්සෙ මම කොළඹ එනවා. ඒක දුෂ්කර වගේම වේදනාත්මක කාල පරිචයක්. නමුත් මම අරමුණ වෙනුවෙන් ගියා. ඔය අතරතුරදී තමයි සිඞ්නි චන්ද්‍රසේකර මහතා අධ්‍යක්‍ෂණය කළ ්-09 ටෙලි නාටකයේ මට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ. මේක තමයි මම කැමරාව ඉදිරියේ සිටගත් මුල්ම අවස්ථාව.
 
 ඊට පසු ඔබ ටෙලි නිර්මාණ රැුසක රංග ගතවෙමින් වේගවත් ගමනක නියැළෙනවා.
 
 ඔව්. ‘?න’, ‘නතාල’, ‘සුධීරා’, ‘මොනර කඩදාසි’, ‘දේවි’ ඇතුළු ටෙලි නාට්‍ය 30 කට වැඩි සංඛ්‍යාවක මම රඟපානවා. ඊට පස්සෙ මට රඟපාන්න පුළුවන්. ඒකට දක්‍ෂයි කියලා හුඟක් අය කියනවා. මම හරි සතුටින් හිටියේ ඒ වගේ අවංක අදහස් දැනගන්න.
 
 තිරගතවීම ආරම්භ කළ ‘සුනාමි’ චිත‍්‍රපටය දක්වා සිනමාවේ ඔබ කළ රංගනයන් බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. ඒ අතර ඔබ සම්මාන රැුසකුත් හිමිකර ගන්නවා.
 
 ඇත්ත ‘ප‍්‍රභාකරන්’, ‘ඉරහඳ යට’, ‘ගාමිණී’, ‘මාතා’, ‘ආලෝකෝ උදපාදී’, ‘ඉනියමන්’, ‘උලත් එකයි පිලත් එකයි’, ‘පෝරිසාදයා’, ‘සුපර්ණා’, ‘සුනාමි’ ඇතුළු චිත‍්‍රපට 20 කට වැඩි සංඛ්‍යාවක මම රඟපෑවා. සුනෙත් මාලිංග මහතාගේ ‘සිංහාවලෝකනය’ චිත‍්‍රපටයත් මගේ රංගනයට විශේෂිත වුණා. කලාවට කරපු සේවය වෙනුවෙන් මගේ ගම වන රක්වානෙන් සහ නොයෙකුත් සම්මාන උළෙලයන්ගෙන් හොඳම නළුවා ඇතුළු සම්මාන 11 ක් ලබන්නට මා වාසනාවන්ත වුණා.
 
 දමිළ කලා ශිල්පියකු වන ඔබට සිංහල සමාජය බොහෝ උපකාර කළ බව පැවසුවා...
 
 ඇත්තටම මගේ කලා ජීවිතයේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මට ශක්තියක් වුණේ සිංහල ජාතිය කියලා කියන්නේ ලොකු ආඩම්බරයකින්. මම මුල් කාලයේ රඟපෑමට ආවාම සමහර දේවල් හරියට වැටහුණේ නැහැ. සමහරු ‘රඟපාන්න බැරි නම් ගෙදර පලයන්’ කියලා කිව්වා. එහෙම කියන්න ඇත්තේ මට ඒ අය කිව්ව සමහර දේවල් තේරුම් ගන්න බැරිවුණු නිසා වෙන්න ඇති. ඒත් මම කිසිදෙයක් ලේසියෙන් අතහරින පරාජිතයෙක් නෙවෙයි. මම මගේ රඟපෑමේ දක්‍ෂතා විශ්වාස කළා වගේම ඒ දක්‍ෂතා තේරුම්ගත් නිර්මාණවේදියෝත් සිටියා. අන්න ඒක තමයි මගේ වාසනාව වුණේ. හුඟක් අය මට ජාති බේදයෙන් තොරව උපකාර කළා. ඒ අතර සිංහල අය විශේෂිතයි. මට දෙබස් ටික හරියට කර ගන්න මුල් අවධියේ උපකාර කරපු සහාය අධ්‍යක්‍ෂ රන්ජන් ප‍්‍රසන්න මහතා මේ මොහොතේ සිහිපත් කිරීම හරිම වටිනවා. මගේ රංගනය ගැන හැමදාම මට අවංක ප‍්‍රතිචාර ලබාදෙන අයගෙන් සියයට අසූවක්ම සිංහල අය. ඒ දයාබර රසිකත්වය මට ඇස් - දෙක වගේ වටිනවා.
 
 මම පුළුවන් තරම් ඇසුරු කරන්නේ ඒ අයව. ඔවුන් මට ආදරෙයි. මම ඔවුන්ට අවංකයි.
 
 චිත‍්‍ර ශිල්පයට දක්‍ෂයකු වන ඔබ ඒ හරහා විශේෂිත වූ කෙනකුගේ ආදරය දිනා ගන්නවා.
 
 ඔව්. පාසලේදී මට හොඳට චිත‍්‍ර අදින්න පුළුවන්. මගේ චිත‍්‍රවලට සුභාෂිනි ආදරය කළා. කාලයක් යන කොට චිත‍්‍රවලට තිබුණු ආදරය මගේ පැත්තටත් හැරුණා. ඉතිං... ඊට පස්සෙ අපි ආදරය කළා. අද ඇය මගේ බිරිඳ. ඇය විiා ගුරුවරියක්. දැන් අපිට දුවක් ඉන්නවා. ඇය අභිනයා. එයා පාසල් යන දක්‍ෂ දරුවෙක්.
 
 අපේ සිනමාවේ ඔබ ගරු කරන ප‍්‍රවීණ ශිල්පීන් කවුරුන්දැයි මා විමසුවොත්...
 
 මට හැමෝම ගැන හොඳ ගරු කිරීමක් තියෙනවා. අපි හැමෝම ශ‍්‍රී ලාංකිකයෝ නේද කියලා සිතන එකත් මට ලොකු ගෞරවයක්. අපේ සිනමාවේ හොඳ ටැලන්ට් තියන ශිල්පීන් බොහොමයක් ඉන්නවා. ඒ අතර ජෝ අබේවික‍්‍රම, ගාමිණී ෆොන්සේකා වගේ මහත්වරුන් සුවිශේෂිතයි. මම හිතන්නේ හුඟක් දේවල් රංගනය හරහා පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මුහුණින් එළිදැක්විය හැකි විශේෂිතම චරිතය හැටියට මා දැක්කෙ දෙනවක හාමිනේ මහත්මිය. ඇයට තිබෙන්නෙ පුදුම රංගන දක්‍ෂතාවක්. මම හිතන්නේ ඇය වැන්නියක් තවත් නැහැ කියලයි ජෝ අබේවික‍්‍රම මහතා සමඟ යම් අවස්ථාවක මට මධුවිතක් තොලගෑමේ අවස්ථාව උදාවුණා. ඔහු කියන්න බැරි තරම් සුන්දර මිනිසෙක්. රඟපෑම ගැන ඔහු සමඟ කළ කතාව මට විශ්වකෝෂයක දැනුම ලැබුණා වගේ වුණා.
 
 කලාකරුවකු ලෙස දැන් ඔබ ගෙවන ජීවිතය ගැන තෘප්තිමත්ද?
 
 ඒ ගැන සරලව කිව්වොත් උත්තරය ඔව්. හැබැයි දුක දිනා ගනිමින් පැමිණි ගමන මට කවදාවත් අමතක කරන්න බැරිවෙයි. මගේ ඇෙඟ් රංගන දක්‍ෂතා තිබුණා. ඒ නිසා තමයි ‘නළු සිහින’ දැක්කෙ. හැමවෙලාවේම මම පොසිටිව් හිතන්න පුරුදු වුණා. වඬේ කන්න ආසයි වගේම ඇඹුල්තියල් කන්නත් මම ආස වුණා. කොළඹ ඉන්නකොට වඬේ ඔතලා දුන්න පත්තර කෑල්ල තමයි මම හුඟක් වෙලාවට කාමරයට ගිහින් තනියම කියවන්න පටන් ගත්තේ. මම ඒකෙන් තනිවම සිංහල කියවීම ආරම්භ කළා. පසු කාලීනව එය ප‍්‍රගුණ කර ගත්තා. සිංහල සමාජය පිළිබඳව හරියට තේරුම් නොගත් නිසා අපි අවුරුදු තිහක් වෙන්වෙලා හිටියා. නමුත් එක්ව සිටීමේ රහස ආදරය කියල මම දැනගත්තේ සිංහල සමාජය සමඟ ළඟින් ඇසුරු කරන්නට අවස්ථාව ලැබූ නිසා. අපි අවුරුදු 100-150 ඉන්න මිනිස්සු නෙවෙයි. ඉන්නෙ බොහොම ටික කාලයයි. ඒ ටික කාලය සතුටින් ආදරයෙන් සිටීම තමයි මගේ අරමුණ. මම හිතන්නේ මගේ කොටස ගැන නෙවෙයි. අපේ කොටස ගැන. මේ පවතින කිසිවක් අපි අරගෙන යන්නෙ නැහැනේ. කවදාහරි ගෙන යන්නේ ආදරය විතරයි. මම උත්සාහ ගන්නේ මැරෙන්න කලින් මගේ රටේ නම ලෝකයට ගෙනයන්න. ඒ රට තමයි ශ‍්‍රී ලංකාව.

දර්ශන් ධර්මරාජ් කියන්නෙ දැන් හොඳ මිලක් තියෙන රංගන ශිල්පියෙක්....
 
 ඔව්, මුල් කාලයේදී වගේ නොවෙයි. දැන් මම ඉස්සරහට ඇවිත් නේද කියලා හිතනවා. මට ඒක දැනෙනවා. ‘මචං’ චිත‍්‍රපටයේ රඟපාලා හොඳ ගාණක් ලැබෙන කොට, ‘සුනාමි’ චිත‍්‍රපටය වෙනුවෙනුත් ඒ වගේම ලැබෙන කොට මට හිතෙනවා මම හිතපු තැනට යමින් ඉන්නවා කියලා. නමුත් මම හැම තැනකදීම සල්ලි ගැන හිතන්නේ නැහැ. දිගටම රඟපානවා. ඒ වගේම මම තවමත් රඟපෑම ඉගෙන ගන්නවා. ප‍්‍රගුණ නොකර කිසිවක් හරියටම කරන්න බැහැ. මගේ ඇෙඟ් රඟපෑමට අදාළ ගොඩක් දේ තිබෙනවා. ඒවා එකින් එක එළියට ගත යුතුයි. මම වැඩ පටන්ගන්නේ පාන්දර 3.10 ට අවදි වෙලා. ඒක තමයි ‘රත්තරං කුඩු’ වැටෙන වේලාව. මම කියන්නේ මොකක්ද කියලා ඒ ගැන දන්න හුඟක් අය දන්නවා. මට එදා රඟපාන්න බැරිනම් එළියට යන්න කිව්වා. දුක හිතුනා. නමුත් මම ගියේ නැහැ. මම සාමාන්‍ය පෙළ විභාගයට චිත‍්‍ර, සිංහල දෙකම කළා. සිංහල ෆේල් වුණා. නමුත් මම ඉන්නෙ සිංහල රටේ. ඉතිං.. මට සිංහල බැරිනම් වැඩක් තියෙනවද. ඒකයි මම කියන්නේ වුවමනාවක් තියෙනවා නම් කරන්න බැරි කිසිවක් නැහැ කියලා. මට සාමාන්‍යයෙන් ඉංග‍්‍රීසි මැනේජ් කරගත හැකියි. විශ්වාස කරන්න ඒක ඉගෙන ගත්තේ සී. ඞී. වලින්.
 
 මේ දිනවල සිදුකරන ඔබේ දායකත්වයන් පිළිබඳව පැවසුවොත්...
 
 රංගනය පැත්තෙන් ටෙලි නාට්‍ය දෙකක සහ චිත‍්‍රපට දෙකක රූපගත කිරීම් සමඟ ඉන්නවා. මා රඟපෑ කලා නිර්මාණ කිහිපයක් විකාශයට නියමිතව තිබෙනවා. අද අපි පුළුවන් තරම් අපේ රටට ඔක්සිජන් ලබාදිය යුතුයි. මමත් ඒ වෙනුවෙන් ගස් සිටවනවා. සිංහරාජ වනාන්තරය අසබඩ ඒ වෙනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. හුඟක් යාළුවෝ ඒ වෙනුවෙන් එකතුවෙලා ඉන්නවා. සුජීව තත්සර ප‍්‍රවීණයා හා නවකයා බිංදුවෙන් පටන්ගත් රංගන ජීවිතයට බොහෝ කාලයක් තිස්සේ මාර කට්ටක් කාගෙන එකතු කරගත් අත්දැකීම් සම්භාරයකින් පන්නරය ලබා තම කුසලතාවන් ඔප් නංවාගත් ප‍්‍රවීණ ශිල්පීන් ස්වල්ප දෙනෙකු අපේ ක්ෂේත‍්‍රයේ තවමත් සිටින බව පවසන්නට හැකිවීම සංතෝෂයට කාරණයකි. මෙකී පරිණත ශිල්පීන් බොහොමයක් දෙනා වෙලාවට වැඩ කරන, විනයගරුක, නිහතමානී හා ඔළුව උදුම්මවා නොගත් එසේම ඉතා ඉහළ රංගන ප‍්‍රතිභාවක් පළ කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට රංගන ශිල්පීන් බව ඔවුනට ගෞරව පිණිස සඳහන් කළ යුතුය. මේ කිවූ පරිණතයන් අතරින් විශිෂ්ටතමයා වන්නේ කලකට පෙර අප අතරින් වියෝ වූ ජෝ අබේවික‍්‍රමයන් බව සියලූ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කාරණාවකි. තම සහජ වාසනා ගුණයෙන් ලැබූ රංගන ප‍්‍රතිභාව, කිසිදු රංගන පාඨමාලාවක් නොහදාරා හා සතතාභ්‍යාසයෙන් හා ස්වොත්සාහයෙන් දියුණු කොටගෙන ජාත්‍යන්තර සම්මාන දක්වා ඔහු ගිය ගමන අතිශයින් විශිෂ්ටය.
 
 ඉහත කී කාරණය අද ක්ෂේත‍්‍රයේ සිටිනා නව පරපුර විෂයයෙහි මෙසේම ආදේශ කළහොත් කීමට ඇති තත්ත්වය නම් ඉතාම කනගාටුදායක බැව් නොකියා නොහැක්කේය. පෙර කාලයේ මෙන් නොව අද කාලයේ ක්ෂේත‍්‍රයට අවතීර්ණ වන්නට ඇති අවස්ථා සුලභ බැවින් එක රැුයින් ක්ෂේත‍්‍රයට කඩා පාත්වෙනා, රඟපෑම හැර අනෙකුත් සියල්ලෙහිම නිපුනතා දක්වන සමහර නවකයින් පිරිසක් මුළු කලා ක්ෂේත‍්‍රයම අපකීර්තියට පත්කරමින් සිටිනා බවට උදාහරණ බොහෝය. එසේම රඟපාන්නට තබා හරිහැටි දෙබසක් පවා කියා ගන්නට නොහැකි, දෙබස් පාඩම් දෙන ආකාරයේ නළු නිළියන් හතු පිපෙනා සේ එළිදකිනා ටෙලි නාට්‍ය නමින් එන විසූක දස්සන නැරඹීමේදී දැකගත හැක්කේය. එමතුද නොව දර්ශනතල වලදී උඩඟුවෙන් හැසිරෙමින්ද, නිෂ්පාදන අංශයට වදයක් වෙමින්ද, තමන් මාර රංගන ශිල්පීන් ලෙස සිතා කටයුතු කරනා එවැනි නළු නිළියන් ක්ෂේත‍්‍රය පුරා පැතිරෙමින් පවත්නා බැව් පෙනෙන්නට තිබෙන කාරණයකි. මෙවැනි හැසිරීම් නිසා මේ පුද්ගලයින් කිච වූ අවස්ථා බොහෝ වුවද ඒවායින් පාඩම් උගෙන හැදෙන්නට ඉටාගන්නා බවක් නම් දක්නට නොහැක්කේය. මේ එවන් එක් සිදුවීමකි.
 
 දැනට ටික කලකට පෙර ගාල්ල ප‍්‍රදේශයේ එක්තරා චිත‍්‍රපටයක රූපගත කිරීම් කටයුතු සිදුවෙමින් තිබුණි. විදෙස් සම්මානලාභී තරුණ නිර්මාණකරුවකු අධ්‍යක්ෂණය කළ මේ චිත‍්‍රපටයේ ප‍්‍රවීණ රංගධර ජෝ අබේවික‍්‍රමයන් විසින් ද චරිතයක් නිරූපණය කරන ලද්දේය. දින  ගණනාවක් වූ රූගත කිරීම් සැලැස්මේ අවසානය එළැඹෙමින් තිබිණි. මේ අවසාන දිනයට පෙර දිනයයි. හෙට රූගත කිරීමට සැලසුම් කොට තිබුණේ එක් දර්ශනයක් පමණක් වන අතර එයින් පසු චිත‍්‍රපටයේ සියලූ දර්ශන රූගත කොට අවසන් වන බැවින් ආපසු කොළඹ බලා පිටත්වීම චිත‍්‍රපට කණ්ඩායමේ බලාපොරොත්තුවයි. අධ්‍යක්ෂවරයාට අවශ්‍යව තිබුණේ එම දර්ශනය හිරු නැගෙන්නට පෙර ස්වභාවික අලූයම ආලෝකයෙන් රූපගත කරන්නටය. විනාඩි අටක් පමණ ධාවන කාලයකින් යුතු එකී දර්ශනය එක දිගටම අඛණ්ඩව රූපගත කිරීමට නොහොත් සිනමා භාෂාවෙන් කියතොත් එක ෂොට් එකෙන්ම රූගත කිරීම අධ්‍යක්ෂවරයාගේ අභිලාෂය විය. එම අලූයම ආලෝකය පවතින්නේ කෙටි වේලාවක් බැවින්ද දීර්ඝ ධාවන කාලයක දර්ශනයක් නිසා ද කිහිපවරක් රූපගත කිරීමට නොහැකි බැවින් මෙය ”වන් ටේක්” රූගත කිරීමක් බව සියල්ලන්ටම අවධාරණය කරන ලදී. මේ දර්ශනයට පෙනී සිටියේ ජෝ අබේවික‍්‍රමයන් හා නවක නළුවෙකි. නිවසක ආලින්දයේ වාඩි වී සිට එළියට බසින රංගන ශිල්පීන් දෙදෙනා කතා බහ කරමින් මිදුල හරහා පැමිණ කඩුල්ලෙන් පැන පටු පාරක් දිගේ ගමන් කොට වෙරළ ආසන්නයට විත් ගල්පර කිහිපයක් තරණය කොට රැුල්ල නැගෙනා වෙරළ තීරයට පැමිණ නැවතීම මේ දර්ශනය විය. මේ කාලය තුළ දෙබස් ගණනාවක් ද දෙදෙනා අතර හුවමාරු වන්නේය.
 
 තරමක් බැ?රුම් හා වන් ටේක් දර්ශනයක් බැවින් පුහුණුවීම් කිහිපයක් කළ යුතු බව හා හෙට අලූයම එයට වේලාවක් නොලැබෙන බව වටහාගත් ජෝ මහත්තයා තමන් හා රඟපාන්නට නියමිත නවක නළුවාට කතා කොට, ”ළමයො, හෙට පාන්දර සීන් එක දැන් ටිකක් රිහසල් කරමුද, ඒ පාත් එකේ ගිහින්ම බලමු, ඩයලොග් ටයිමින් හදාගන්නත් එපෑ’යි යෝජනා කළේය. තමන් කෙතරම් ප‍්‍රවීණ අත්දැකීම් බහුල නළුවකු වුවත් සාර්ථක රංගනයකට පෙර පුහුණුව කෙතරම් වැදගත්දැයි ඔහු දැන සිටියේය. එහෙත් එය එතරම් ගණනකට නොගත් නවක නළුවා, ”රිහසල් කරන්න ඕනෙ නෑ අන්කල්, දෙබස් ටික බලාගත්ත නම් ඇති. මම ?ට දෙබස් ටික බලාගන්නවා, ඒ ඇති. සිම්පල් වැඩක්නේ’යි පැවසීය. (ජෝ අබේවික‍්‍රම නම් මේ වයෝවෘද්ධ ප‍්‍රවීණයාට සමකාලීනයන් හැර අනෙක් හැමෝම ඇමතුවේ ”ජෝ මහත්තයා” යැයි ගෞරවයෙන් හා ආදරයෙනි. ඔහු එම ඇමතීම ලබන්නට සෑම අතින්ම සුදුස්සෙක් විය. එහෙත් එම නවක නළුවාට එය අදාළ නොවූ සේය.* එයට කිසිවක් නොකී ජෝ මහත්තයා රූපගත කෙරෙනා මාර්ගයේ කිහිප වතාවක් ගමන් කරමින්ද, තමන්ගේ පමණක් නොව අනෙකාගේද දෙබස් කියමින්ද, අවසාන දෙබස වෙරළ තීරයට පැමිණ කියනු පිණිස අනෙක් දෙබස් කිවයුතු කාල අන්තරය සිතින් ගණනය කරගනිමින් එයට අදාළව එම දෙබස් කිවයුතු ස්ථාන සිතේ ධාරණය කරගනිමින් ද පුහුණුවීම් කිහිපයක් තනිවම අවසන් කළේ කෙතරම් ප‍්‍රවීණ නළුවකුට වුවද පුහුණුවීම් කෙතරම් වැදගත්දැයි දන්නා බැවිනි.
 
 පසුවදා මහපාන්දර අවදි වූ නිෂ්පාදන කණ්ඩායම හා රංගන ශිල්පීන් වේෂ නිරූපණ කටයුතු ආදී සියල්ල අවසන් කොට රූගත කිරීමේ කටයුතු සඳහා සූදානම් වූහ. අද කාලයේ මෙන් ඩිජිටල් කැමරා භාවිතා නොවූ එසමයේ, ධාවන කාලය දීර්ඝ හෙයින් දළසේයා පටල කෑන් දෙකක් එකකට ඔතා කැමරා මැගසිනයට ඇතුල් කොට සූදානම් කොටගත් කැමරා කණ්ඩායම රූගත කිරීමට සූදානම් වූහ. එය හස්තගත නොහොත් ත‍්‍රිපාදයෙන් ගලවා කැමරාව අතේ තබාගෙන හසුරුවමින් කළ යුතු රූගත කිරීමක් විය. රංගන ශිල්පීන් දෙදෙනා කතා කරමින් ඉදිරියට එන දර්ශනය කැමරා අධ්‍යක්ෂවරයා කැමරාව උරහිස මත තබාගෙන පසුපසට ගමන් කරමින් රූගත කළ යුතු විය. සියල්ල සූදානම් වූ පසු අධ්‍යක්ෂවරයාගේ ”ඇක්ෂන්” විධානයට අනුව ආලින්දයේ හිඳගෙන සිටි පුටුවෙන් නැගී සිටි ජෝ මහත්තයා සහාය නළුවා දෙසට හැරී, ”පුතා හෙට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?’යි පළමු දෙබස කීවේය. දර්ශනය අනුව සහාය නළුවා නැගී සිට, ”පොලිසියේ පැමිණිල්ලක් දාන්නයි තාත්තේ මං හිතාගෙන ඉන්නේ’යි පැවසිය යුතු අතර ඊට පිළිතුරු ලෙස, ”ඒකට හදිස්සි වෙන්න එපා’යි ජෝ මහත්තයා පැවසිය යුතුය. එහෙත් නැගී සිටි නවක සහාය නළුවා පිළිතුරු දීමට අසාමාන්‍ය ලෙස ප‍්‍රමාදව අසරණ ලෙස වටපිට බලනු පෙනුනෙන් ඔහුට දෙබස් අමතකව ඇති බව ක්ෂණිකව වටහාගත් ජෝ මහත්තයා, ”ඔයා හිතාගෙන ඉන්නේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න නම් ඒකට හදිස්සි වෙන්න එපා’යි අවස්ථාවට උචිත ලෙස සහාය නළුවාගේ දෙබසත් සමඟ එක්කොට තම දෙබස පැවසීය. මෙසේ ආරම්භ වූ දර්ශනය අවසන් වනතුරුම නවක නළුවා එකම දෙබසක්වත් නොකී අතර ජෝ මහත්තයා ඔහුගේ දෙබස් ද කියමින් දර්ශනය නිමා කළේය. නවක නළුවා කළේ ජෝ මහත්තයාට හූමිටි දෙමින් ඇවිද ඒම පමණය. ජෝ මහත්තයා එම රංගනය කෙතෙක් සාර්ථකව කළේ ද යත් සම්මානලාභී තරුණ අධ්‍යක්ෂවරයා ” ඕ.කේ.” විධානය දෙමින් රූගත කිරීම අනුමත කළේය. එහෙත්, තමා අතින් බරපතල වරදක් වූ බවත්, තමන්ට වඩා අත්දැකීම් බහුල ප‍්‍රවීණයන්ගේ අදහස් ගණන් නොගත් නිසා මේ වරද සිදු වූ බවත්, තමාගේ වෘත්තිය වූ රංගනය පිළිබඳව ඔවුනගෙන් තමාට බොහෝ දේ උගෙනීමට ඇති බවත් මේ නවක නළුවා වටහාගත් බවක් නම් පෙනෙන්නට තිබුණේ නැත.

No comments:

Post a Comment